තණ්හා-රතී-රඟා කාටත් ගෝචර වෙන සිනමා අත් දැකීමක් වෙයි


කාලෙකට පස්සේ ‘මරු වැඩක්’ කියන්න පුළුවන් චිත්රපටියක් බළලා එකේ වරුණේ අනිත් අයත් එක්ක බෙදා හදා ගන්න ඕන කියන ෆීලින්ග් එක මගේ ඇඟට දැනුන. එකයි මේක ලියන්න හිතුනේ.
නිලේන්ද්රගේ කුළුඳුල් වෑයම මෙච්චර හොඳ නිර්මාණයක් වීම මට මාර සතුටක් වෙන්නේ මේක පොදු සිනමා රසිකයන්ට නියමෙට ගෝචර වන ෆිල්ම් එකක් වෙන බව මට ශුවර්. ඒ අරුනකොට මේක අවෝර්ඩ් ගහන්න බලාගෙන කරපු වැඩක් වගේ දැනෙන්නේ නැති කමත් මට වැදුන. හැබැයි මේකට විශිෂ්ට අවොර්ඩ් එකක් ලැබීම මම දකින්නේ නියම බෝනස් එකක් කියල. මොකද නිලේන්ද්ර මේ පික්චර් එකේ වස්තු බීජයේ පටන් හැම ඩීටේල් එකකින්ම උපරිම වින්දනයක් ප්රේක්ෂකයාට දනවනවා. සතුට, සොම්නස, දොම්නස, පීඩනය, තරහව වගේ ඉමොෂන්ස් ගොන්නක් ඇතුලේ ප්රේක්ෂකයාව නිරන්තරයෙන්ම දෝලනය කරනවා. පොඩි රෝලර් කෝස්ටර් ගතියක් මුළු චිත්රපටය පුරාවටම නියමෙට වැඩ කරනවා.
ඇත්තම කියනවනම් මුල ටික බලනකොට මම හරිම අප්සෙට් උනා මොකද මුලදී මුලදී කාට කාටත් කඩේ යන ලකුණු මේකේ මට පේන්න පටන් ගත්ත. එන මාසේ මේක පෙන්වනවා කියල නිලේන්ද්ර කියනකොට මට හිතුනා චන්දෙට මාර ප්රොමෝෂන් පාරක් දෙන්න කරපු වැඩක් තමයි මේක කියලා. තවත් අලුත් අධ්යක්ෂවරයෙක් පස් කනවද කියල මම හිතන්න ගත්තා. හැබැයි වාසනාවට ඒ හිතුවිල්ල හරිම තාවකාලික එකක් කරමින් නිලේන්ද්ර එයාගේ කතාවට මාව නියමෙට ඇඳ බැඳ ගත්තේ මටත් නොදැනීමයි.
තණ්හා-රතී-රඟා කියන කොට නිකම්ම හිතට එන්නේ ගෑණු තුන් දෙනෙක් වුනත්, මේ චිත්රපටියේ චරිත තුන පිරිමි වීමම මම දකින පළමු වෙනි වෙනස. එතනයි පළමු වෙනි කුතුහලය මට ඇති වෙන්නේ. ‘ත්රී වීල් සෙට්’, ‘වතුවල’, ‘පුරවල’ ඉන්න චරිත අපිට හැමවිටම චන්ඩින් වුනාට, සමාජය දෙන ලේබල් ගැලවීම ඉතා සූක්ෂම විදියට මේ පිටපතෙන් වෙන හැටි මම දැකපු තවත් විශේෂතත්වයක්. පිටින් පෙනෙන මහා පොරිසාදයෝ ඇතුලේ ඉන්න සංවේදී චරිත හරිම ලයාන්විත විදියට මුළු පිටපත පුරාවටම ලස්සනට පෙළ ගස්වනවා.පෙනුමෙන් මැර පාටක් පෙන්නුම් කළත් මිනිහා තිරිසනා කරන්නේ සමාජයම බව ඉතාමත්ම සංවේදීව නිරූපණය කිරීම හරිම සුවිශේෂයි. ‘අහිංසක ජොලියක්’ නොහිතූ නොපැතූ විදියට දෛවයේ සරදමකට මුහුණ දෙන හැටි මොනවට කියාපාන ලෙස තිර රචනය නිර්මාණය වී තිබුණා. මේ කතාවේ ගැඹුරු සමාජ කතිකාවක් ඉතාමත්ම සරලව, සංවේදීව පෙළ ගස්වා ඇති බව පවසන්නේ සතුටින්. මොකද අපි සිනමාව හැකි සෑම විටම සමාජ කතිකාවකට නැඹුරු කර ගැනීම වැදගත් බව මම තරයේම විස්වාස කරන නිසයි.
කවුරු මොනවා කිවුවත් බහුතරයක් ප්රේක්ෂකයන් චිත්රපටයක් බලන්න යන්නේ ආනන්දය සහ ආස්වාදය දෙකම විඳින්න. එන්ටටේන්මන්ට් එකක් නැති චිත්රපටියක් කොච්චර අවෝඩ් ගත්තත්, කොච්ච්චර විචාරක පැසසුම් ලැබුවත් ඒක බල්ලාගේ පස්සපැත්තේ බැඳපු මීයක් වගේ කියල තමයි මට හිතෙන්නේ. ආට් මූවි එකක් වුනත් එකේ මොකක් හරි හරයක් නැත්තo මොකක්ද ඇති වැඩේ? ඒ අතින් නිලේන්ද්ර නියමෙට රසික නිලේ අල්ලලා තියෙනවා මේ ෆිල්ම් එකේ. සිනමාවේ මැද පාරේ ලස්සන ගමනක් යන බවක් තමයි මට දැනෙන්නේ.
යුද්ධේ දිනපු මූඩ් එක රීක්රිඑට් කරලා තිබුණු විදිය ෆස්ට් ක්ලාස්. ආර්ට් ඩිරෙක්ෂන් කියලා වැඩක් නෑ. කාස්ටින් මරේ මරු. කැමරාව හැමවිටම ලස්සනට නිරන්තරයෙන් වෙනස්වෙන මූඩ් එක අල්ලනවා.සංගීතය හරිම උචිත විදියට යොදල තියෙනවා. නගරයේ සහ නගරෙන් පිට ජන ජීවිතය නියමෙට ටච් කරනවා. උතුරේ සහ දකුණේ මිනිස්සුන්ගේ වෙනස සහ ඔවුන්ගේ ජන ජීවිත වලට ආවේනික ගති ලක්ෂණ ඇඟිල්ලෙන් අනින්නේ නැතුව ශේප් එකේ ඉදිරිපත් කරනවා. සමස්තයක් හැටියට ඔක්කොම ඉන්ග්රීඩියන්ට්ස් ටික ගානට ලස්සනට සෙට් වෙලා තියෙනවා.ෆිල්ම් එක බලල ඉවරවුනාම රූප රාමු සහ ඒ චරිත සෑහෙන්න හිතේ හොල්මන් කරනවා. හිතට වද දෙනවා. ඒකයි මම මේක ලිව්වේ.
කාලෙකට පස්සේ අපිට අපේ ආදරණීය නිළියන් තුන්දෙනෙක් පොඩි වෙලාවකට හරි බලා ගන්න ලැබෙනවා. ඒකත් පොඩි ආතල් එකක්!
අපරාදේ හැබැයි ටිකක් අනවශ්ය, පට්ට ගහපු සිම්බොලික් කෑලි දෙක තුනක් තැනින් තැන තියෙනවා.ඒවා නැති උනානම් තවත් හොඳයි. ඉවර වෙන්න ලoවෙලා යොදාගෙන තියෙන රූප රාමු කිහිපයක් සමස්ථ ප්රෙසේන්ටෂන් එක ටිකක් පහලට අදිනවා. කතාව ඉවරවෙලා නිකන් තන්හාවට වගේ තව ටිකක් අනවශ්ය සිද්ධීන් මොකට දැම්මද කියල මට හිතුන.
මේ ෆිල්ම් එක අවුරුදු තුනකටවත් කලින් පෙන්නගන්න ලබුනනන් තමයි එල. එහෙම උනානම් මේ ප්ලොට් එකේ රෙලවන්ස් එක අදට වැඩිය සැරට දැනෙන්න තිබුණා. දැන් ඉතින් ඒවා ගැන කතා කරලා වැඩක් නෑ. චාන්ස් එක ලැබුණු මේ වෙලාවේ උපරිමයට විඳින එක තමයි වැදගත්.
මට අන්තිමට කියන්න තියෙන්නේ ” ඕවරෝල් වැඩේ නං නියමයි. ඔහොම යO, ඔහොම යO” කියලා තමයි.
සන්ධ්යා සල්ගාදුIMG_1412.JPG

Advertisements

About lifeisabeach

love to use communication as a tool of passionate expression of personal views
Image | This entry was posted in Cinema and tagged . Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s